ඔබ මගේ මතකය වෙලා හිත ළඟ ඉන්නවා බලා
වෙන් වෙන්නට කාරණා පහදා දෙනවද ඔයා
එක් වුණු තැනදීමයි හිමි වුණේ වේදනා
මට උහුල ගනු බැරි වුණා
වෙන් වුණු තැනම මං මතකයේ ඉන්නවා
ඔබ දිනෙක දැනගන්නවා ......
වරුවක් ගියානේ ඔබ නෑනේ ආවේ මං තාම මග බලනවා
අඩුවක් කරේ නෑ කිසිදාක සෙනෙහේ නුඹ හොඳට එය දන්නවා
(කවදාක හෝ කඳුළක් රැඳී ඔය දෙනෙතෙ නම් හඬවනු එපා
මේ හිත මගේ විඳවන හැටී කිසිදාක නම් දැනගනු එපා ......//)
හිත සතුට උදුරා කාලය ගියානේ කඳුලකට හිමිකම තියා
මට මාවවත් නෑ ඔබ ගියපු දිනයේ මං තනිව ඉන්නම් සදා
(කවදාක හෝ කඳුළක් රැඳී ඔය දෙනෙතෙ නම් හඬවනු එපා
මේ හිත මගේ විඳවන හැටී කිසිදාක නම් දැනගනු එපා ......//)