W.D Amaradewa & Umariya - Bala Welapemi Nela ganu Beri Hanthana Sihine

බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයෙනු මැන ළඳුනේ

බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ

හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්-ම්ම්
හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්-ම්ම්
හන්තාන සිහිනේ
හ්ම්-හ්ම්-හ්ම්-ම්-ම්