Saman Pushpakumara - Thaniwenna nam Epa

තනිවෙන්න නම් එපා කිසිදාකවත් ඔයා
කඳුළුක් නෙතින් සඳා කිසිදා වැටෙන්න එපා
පෙර කල පවක් නිසා අප දෙන්නා වෙන් වුනා
මට දුන්නු ආදරේ අද කාගෙදෝ වෙලා
වෙන් වුනාට මාගෙන් එදා හැමදාම සතුටින් ඔයා
ඉන්න කියලයි මා දැන් පතන්නෙ සඳා //

මා කල පවක් දෝ පලදුන් නිසා
වෙනතක් පතලා ඔබ වෙන් වුනා
දැනුනෙත් එදා මා ලඟ උන්නු දා මතකයේ විඳවන්නෙපා
පෙර කල පවක් නිසා අප දෙන්නා වෙන් වුනා
මට දුන්නු ආදරේ අද කාගෙදෝ වෙලා
වෙන් වුනාට මාගෙන් එදා හැමදාම සතුටින් ඔයා
ඉන්න කියලයි මා දැන් පතන්නෙ සඳා //

මට ඔබව අතපසු උනා දැයි කියා සිත අසනවා දිවිතුරා
පුජා කරන්නම් පණ මගෙ පුදා
උපදින්න ආයේ මගෙ වෙලා
පෙර කල පවක් නිසා අප දෙන්නා වෙන් වුනා
මට දුන්නු ආදරේ අද කාගෙදෝ වෙලා

තනිවෙන්න නම් එපා කිසිදාකවත් ඔයා ......