Shenu Kalpa - Obata Mathaka Nethi Mathaka Mevi

ඔබට මතක නැති මතක මැවී
රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී //
මගෙම කියපු හිත වෙනතක වී
යනවාදෝ හීන මාගේ දුකකට දී
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ
ඔබට මතක නැති මතක මැවී
රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී
රිඳුනා මේ දෑස ආයේ කඳුළු පිරී

පැරී පැරී රෑ පුරා මේ හිත ඉකිබිදිනා
ඔබම පැතුව පෙම වරදක් වීලා //
අමතක කෙරුවට මා මෙලෙසේ
ඔබ ගැන අහිතක් නෑ හිතුවේ
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ

ඔබට මතක නැති මතක මැවී ......

ලංවි ලංවි උන්නු කාලේ පණ මගෙ කියලා
ඔබම පිදුව පෙම් දඬුවම් දිලා //
යලි හමුනොවුනත් මා මෙලෙසේ
ඔබ හැර සතුටක් නෑ තිබුනේ
මගේ හුස්ම කීව කාලේ පෑ සෙනෙහෙ
මේ හද ගැස්ම මගෙ පපුවේ රැඳුනේ

ඔබට මතක නැති මතක මැවී ......