ඉන්නම් ඈතින් මං ඉවසලා යන්තම්වත්
යන්නෑ මතකයෙන් කොහොමවත්
එන්නම් හරි වේගෙන් නොසිතා මං දෙවරක්
කිව්වොත් ආයෙමත් ආදරෙන්
යන්නෑ මතකයෙන් කොහොමවත්
එන්නම් හරි වේගෙන් නොසිතා මං දෙවරක්
කිව්වොත් ආයෙමත් ආදරෙන්
දන්නා තරම් කෙරුවෙ නෑ වැරදි මං
මට වඩා ආදරේ ලැබුනදෝ
හිනැහෙමින් ඔහු ළගින් ඔබ හොදින් මං දුකින්
සැනසුමක් මතු යලිත් ඒවිදෝ
මට වඩා ආදරේ ලැබුනදෝ
හිනැහෙමින් ඔහු ළගින් ඔබ හොදින් මං දුකින්
සැනසුමක් මතු යලිත් ඒවිදෝ
ඉන්නම් ඈතින් මං ඉවසලා යන්තම්වත් ......
මං පණ ඇරන් ආදරේ කෙරු තරම්
නොදැනුනේ ඔබට පවටයි මගේ
අයිතියක් නැති ඔබෙන් ඉල්ලුවත් අයිතිකම්
දන්නෙමී ඔබ ඉතින් මගෙ නොවේ
නොදැනුනේ ඔබට පවටයි මගේ
අයිතියක් නැති ඔබෙන් ඉල්ලුවත් අයිතිකම්
දන්නෙමී ඔබ ඉතින් මගෙ නොවේ
ඉන්නම් ඈතින් මං ඉවසලා යන්තම්වත් ......
ළංවෙනව නම් අපි ඉතිං ආයෙමත්
ඔබ තරම් වස්තුවක් වෙන කොහේ
ජීවිතේ හරි කෙටියි ඉතුරු දැන් දින ටිකයි
ඉඩකඩක් ඔබ ළගින් දෙනවදෝ
ඔබ තරම් වස්තුවක් වෙන කොහේ
ජීවිතේ හරි කෙටියි ඉතුරු දැන් දින ටිකයි
ඉඩකඩක් ඔබ ළගින් දෙනවදෝ
ඉන්නම් ඈතින් මං ඉවසලා යන්තම්වත් ......