Seejith Akurassage - Kisi Daka Aye Oba Hamunowewa

කිසිදාක ආයේ ඔබ හමුනොවේවා
යන මගකවත් සදා
හොද කෙනෙකු ආයේ ඔබ හට ලැබේවා
මගෙ පැතුම එයමයි සදා
මතුදාක ආයේ ඔබ දුක් නොවේවා
යලි මාව සිහිපත් වෙලා
මේ කඳුළු මාගේ ඔබේ සතුට වේවා
මගෙ පැතුම එයමයි සදා

ලොව වෙන කෙනෙක් නෑ මං වගෙ
පෙම් කෙරුවේ කිසි දිනේ
දුප්පත් නිසයි මාව ඔබ ලදේ
හැර යන්න හේතුව උනේ

කිසිදාක ආයේ ඔබ හමුනොවේවා ......

නැහැ වෛර මං අද ඔබ කෙරේ
මෙය මාගේ නම් උරුමයයි
ජීවත් උනත් තාම මං ඔබේ ගිය ගියදේ නෙතු වාගෙමයි

කිසිදාක ආයේ ඔබ හමුනොවේවා ......