හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ
මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ
ගින්දරක් දූනී නම් දුමක් ඇතිවෙන්නෙ නෑ
නුඹ වෙනස් වෙන්නට හේතු නැතිවෙන්න බෑ
දිව්රන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ //
තිබනානම් හංගලා නුඹටම මා නොකියනා
ලෝකයක් මටත් නුඹ වගෙ
මාත් අද රජ වෙලා ඔයත් අද පැරදිලා
මං කෙරුවේ නෑ ඒ වගේ
නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි
දිව්රන්න බැහැ නේද මං ඉදිරියේ
බොරු කරලා ඉපදෙන්නෙ නැහැ සුගතියේ //
නුඹට දන ගස්සලා වැරදි හරි ගස්සලා
නෑ ඵලක් මටනම් තව නුඹේ
කාටවත් රිද්දලා ඕනේ නෑ සැරසිලා
විදින්නට බෑ බලෙන් ආදරේ
නැවතුනේ හදවතයි මගේ ආදරේ නොවේ
නැවතුවේ නුඹ මගේ පණ ගැහෙන හදවතයි
හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ ......