ඉපදුනත් මේ භවේ තනිකඩයි තාම මං
ඔබ කොහේ හෝ ඇති ඉපදිලා මා නමින්
එනමුත් නෑ තවත් දුටුවේ මගෙ රත්තරං
මියයන්නට කලින් එන්න මා වෙත දුවන්
මේ ඇස් ඔයා දැකලා ඉතින් හෙට උනත්
මට ඇති මැරිලා ගියත් //
අම්මා ගෙනා යෝජනා එකිනෙකට මා බෑ කියා
මට මැව් කෙනා එනතුරා මම ඉන්නවා තනිවෙලා
මේ ඇස් ඔයා දැකලා ඉතින් හෙට උනත්
මට ඇති මැරිලා ගියත් //
ආදරය මා සොයනා කාලය යනවා පියඹා
හෙට මං ගියත් මියැදිලා මතු භවයේ හමුවෙමු පතා
ඉපදුනත් මේ භවේ තනිකඩයි තාම මං ......