Ishara Tharuka - Thamath Oyata Adare Kiyanna

තාමත් ඔයාට ආදරේ කියන්න
මේ ඇස් මඟ බලනා තරමක්
කාටත් කලින්ම ඔය අත ඉඹින්න
පෙම් කරලා නෑ මා තාමත්
ඔය අතේ එල්ලිලා යන දිනක් එනතුරා
මා තවත් මඟ බලා ඉන්නවා
මියැදුනත් යන්නෙ නෑ ඔබව දමා

යනෙන මඟ තොටේ දකින රුව ඔබේ
නොදැක ඉන්නට බෑනෙ
අකමැතී වෙලා යන්න නම් එපා ඔයා ඉපදුනේ මටනේ
ඇස්වහක් කටවහක් වදින්න නම් එපා
ඔය අතේ එල්ලිලා යන දිනක් එනතුරා
මා තවත් මඟ බලා ඉන්නවා
මියැදුනත් යන්නෙ නෑ ඔබව දමා

දැනෙන දුක මගේ නිවන මඟ ඔබේ ආදරේ මට ඕනේ
හිතවතුන් වෙලා හිටිය ඇති නිසා
අහන්න කැමතිද මට නගේ
ඇස්වහක් කටවහක් වදින්න නම් එපා

තාමත් ඔයාට ආදරේ කියන්න ......