හමුවේනම් ඈ පෙර සේ එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී මා විදි දුක ජීවිතේ
වෙන්වී ගිය ඒ දවසේ රිදවා මා ආදරේ
ඉකි බිඳුනා රෑ අදුරේ පෙම් කළ සිත පෑරුනේ
මතු භවයක උපනා නුඹ එනතුරු මග බලා
සැමදා නුඹේ ආදරේ පතලා තනිවෙමි සදා ....
මගෙ උරහිස මත හිස රඳවා නුඹ මුමුණන හඬ රැව් නැඟුනා
මතකෙට එනවිට හිත හැදුනා හිමි නැති බව දැන දුක හිතුනා
සඳ හඬා වැටෙනවා සොඳුරු සිහිනේ බිඳුනා කියා
හමුවේනම් ඈ පෙර සේ එක දවසක් මේ භවේ
පවසනවා මා ලංවී මා විදි දුක ජීවිතේ
අපි ආ ගිය තැන්වල රැදිලා ඔබේ මුදු අත මතකෙට නැගිලා
සිතුවට හිත හැදුනා කියලා තවමත් නෑ මේ හිත හැදිලා
සඳ හඬා වැටෙනවා සොඳුරු සිහිනේ බිඳුනා කියා
හමුවේනම් ඈ පෙර සේ එක දවසක් මේ භවේ ......