Sathish Perera - Awasan Lumai Obata Liyanne

අවසන් ලියුමයි ඔබට ලියන්නේ
විරහ කඳුළු රැදි පෑනෙන්
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

එයා පැලැන්දු මංගල මුදුවේ
ආඩම්බර කම මම දුටිමි
ගෙල වටකරගෙන ලැමදේ ලගිනා
මංගල මාලය මම දුටිමි

අබරන අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

පෑන තවත් දේ ලියන්න කීවත්
මොනවා ලියන්නද මීට වඩා
මේ ගැන අන් කිසිවකු නැහැ දන්නේ
වෙන දීගෙක ගිය ඔබට වඩා

අබරන අන්දන රන්වන් ඉහිලු
සදාතනික ආදරය නොවේ
කියවා හැඩුවත් මට නම් කම් නෑ
මගෙ හිත අද තද නින්දේ
අවසන් ලියුමයි ඔබට ලියන්නේ

අවසන් ලියුමයි ඔබට ලියන්නේ ....