ආදරය ආගමකි අදහන්න පුළුවන්
ආයුධය කර එය මරවන්න පුළුවන්
පණ දෙන්න හිටි අයම නොකියාම යයි නම්
කාහටද පවසන්නේ මගෙ වේදනාවන්
අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //
වැලපිල්ල අහනවද අහසේ සඳූ
දුක්විල්ල වැරදීද කියපන් තරූ
ඇවිලිල්ල නවතන්න නම් ගිනි කඳූ
ඇත්තටම මම මැරිලා ඉපදිය යුතු
අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //
ආයුෂය දැන දැනම නවතා දැමු
අකුසලය මා හටම අත්වෙයි මතු
ගැලවෙන්න ඒ පාපයෙන් බිහිසුනු
ජීවිතය අත් නොහැර රැකගත යුතු
ආදරය ආගමකි අදහන්න පුළුවන් ......
අනුකම්පා ඔබේ දෑසේ දැන් ඇත්තට නැති වී දෝ
නුඹ හින්දා මගෙ ලොකේ මේතනින් අවසන් වේ දෝ //