හැමදාම ඔය දෑස හමු නොවෙන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට ....
නුඹ ගැනම හිත හිතා මියෙනවා හැර ....
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට ....
තරුදෑස මගෙ නේද අතරමං වුණ
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවා
මං එක්ක යං කිව්ව ගමන එනවද ....
සොඳුරු මාවත ළඟට ඇවිත් ඉන්නද ....
අයාලේ ගිය හිතට නෙතක් තරු ළකුණ වී ....
හිතක් තවරා පෙමක ඔයා නිහඬව හිදී ....
මටත් නොකියා ඔහොම ඉතින් දඟකාර වී ....
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුණී ....
අවාරේ හමා යන සැඩ සුළං වැදි වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදී ....
නුඹ ගැනම හිත හිතා මියෙනවා හැර ....
සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට ....
මං එක්ක යං කිව්ව ගමන එනවද ....
සොඳුරු මාවත ළඟට ඇවිත් ඉන්නද ....
අවාරේ හමා යන සැඩ සුළං වැදි වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙළා යන්නට නොදී ....
මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී
ඔයා හිනැහී ඉන්න හඬා කඳුලක් නොවී ....
නුඹ ගැනම හිත හිතා මියෙනවා හැර ...... //