Theekshana Anurada - Oba Sithana Tharam Waradak Ne Kale ( Lanvi Siti Kale Sihi Vii Idahita Wage )

ඔබ සිතනා තරම් වරදක් නෑ කළේ
හැර යන්නට තරම් ඇයි ඉක්මන් වුණේ
පහදලා තෙරුම් කරන්නටවත් ඉඩක් දුන් නෑ
පහුවෙලා දුක්වෙයි ඔයා වැරදි නෑ මම කියා
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා ....

හෝ මගේ ආදරේ තරම් දෙයක් ඔබට තිබුණේ නෑ
ඔබේ හුස්ම ටික තරම් මට මුකුත් වටින්නේ නෑ
ඔයාටත් වඩා ඔයා විශ්වාස කෙරුව මා
වැරදිකාරයෙක් වගේ පෙණුනද ඉතින්
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා ....

හෝ .... බාධක තියෙද්දී ආදරෙන් ඉඳිද්දී
ලෝකයක් හිනාවෙයි අපි දුකෙන් හඬද්දී
ඔයාටත් වඩා ඔයා පෙම් කරන මාව දමා
රිදවන්නෙපා තවත් එනවද ඉතින්
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා ....

ඔබ සිතනා තරම් ......

ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා ....