Bandara Athauwuda - Sithuwili Siravi Hadawatha Pathule

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

ඔබෙ සෙනෙහස දැක සැගවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා

මිලාන වූ මල් ඉකිබිද වැලපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කදුළු දකී

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැලපෙනවා
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා