Dayan Witharana - Pudasunaka Nisala Bawa Lada Pemata Thibuni nam

පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතක නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිඳුම්

මල් විලක එලා තිබු මෘදු සුවඳ නෙලාගෙන
සැනසිල්ල ළඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඬුම්
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්

පුදසුනක නිසල බව ....

සිල් සඳක ප්‍රභා ඇති පෙම් වර්ම් උතුම් ලෙස
පුද දුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
මැන බලනවනම් නෑ ඉන්නේ රිඳුම්

පුදසුනක නිසල බව ....