Mihindu Ariyaratne - Yana Thenaka Inna Semada Sathutin Oya

යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා

ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
(දින ගනිනා)
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

ළඟින් ඔබ තියන්
මගේ පණ කියන්
එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක්
ඔබට ඇති බවක්
නැහැනේ හිතට දැනුනේ

යලිත් ඔබව හිමිනැතිනම්
මගේ සෙනෙහෙ අඩුනම්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

කියන් මගේ හිතින්
තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ
අලුත් සෙනෙහසින්
දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙරසේ

පෙරුම් පිරුවෙ ඔබ හා මං
කූඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යලි එන්නෙ නෑ