Keerthi Pasquel & Dhammika Walpola - Kavikariye Sindu Kiyana Lade Nubado Rehe Kokila

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා//

දෙකනේ රිදී තෝඩු ලා
නලලේ කොකුම් පටලා
වීණා වයා තාලෙටා
ගැයූ ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නෙ රුපියල් සොයා

කවිකාරියේ සිංදු කියනා ලදේ ......

සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඩුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනි මන්දා අනේ
සිත මාගේ චන්චල් වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ ......