Amarasiri Peris - Me Irai Hadi Thani Ahasata Payana Dawasaka

ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමුවන්නට සුන්දර සවසක හීන මවනවද හිර වී හිමි නැති පපුවක....

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...//සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිතපිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල...

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක ....