සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ...
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා...
අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා එනවද... හා හමුවන්නට ......
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...
පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද...
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...