Bandula Wijeweera - Punchi Kale Api Sindu Kiyapu Heti


පුංචි කාලේ අපි සිංදු කියපු හැටි
පැංචියේ මට මතකයි
පුංචි පැටික්කිට වෙච්චි පොරොන්දුව
ඉරහඳ වගෙ මතකයි ....//
ඉන්දුමතී නුඹේ ලස්සන හැඬ රුව
මගේ හිතේ ඇඳිලා //
රුවට රුවක් නැත නුඹේ රුව වාගේ
මෙච්චර කල් දැකලා ....//
පුංචි කාලේ අපි ......
නැන්දලා මාමලා කඩමළු අරගෙන
එනවාලු ලේලි බලන් //
ඇවැස්ස නෑකන් කියාන ආදෙන්
බහක් නොදී ඉදපන් ....//
පුංචි කාලේ අපි ......
රංචු පිටින් නුඹ කැන්දන් යන්නට
ඒවී නොයා ඉඳපන් //
මංගල මොහොතට තැලිපිලි අරගෙන
ළඟදිම මං එන්නම් ....//
පුංචි කාලේ අපි ......