බුදු කරුණා දෑස තෙමී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
මෙත් සිහිලැලි ඇද හැලුණා
නිවා තාප ලෝ කතරේ
අමා වතුර ගලා බසී
බුදු කරුණා දෑස තෙමී ......
කඳු වැටිවල නිසොල්මනේ
ගහ කොළ මල් පිපී නටයි //
නැවුම් පොලොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි
ගහ කොළ මල් පිපී නටයි //
නැවුම් පොලොව නව නිල්ලේ
බුදු සිරිපා පහස ලබයි
බුදු කරුණා දෑස තෙමී ......
කෙළෙස් මලින් උකටලි සිත
නිවා තවන සුවය සොයයි //
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි
නිවා තවන සුවය සොයයි //
නිසල ඔබේ බුදු රුව ළඟ
මගෙ හද භාවනා කරයි
බුදු කරුණා දෑස තෙමී ......