Dayan Vitharana - Weten Eha Mal Padure Oba Pipi


වැටෙන් එහා මල් පදුරේ
ඔබ පිපී වැනේ අත නුදුරේ ..//
මිලින උනත් ගණ අදුරේ
මල් නෙලන්න නම් තහනම් ..//
සුවද ඇදෙයි මුළු ලොවට හොරෙන්
නොවසා ඇති දොර කවුළු තුලින් ..//
සුවද දිදී සුවද දිදී තිබුනත් මිදුලේ
මල් නෙලන්න නම් තහනම් ..//
වැටෙන් එහා මල් පදුරේ ......
තෙමුනත් දෙකොපුල් උණු කඳුලින්
අසුනත් කෙඳිරිය මුදු මුවගින් ..//
පිපුන නිසා පිපුන නිසා අන්සතු උයනේ
මල් නෙලන්න නම් තහනම් ..//
වැටෙන් එහා මල් පදුරේ ......