සුදු සදුන් මලක සුවද දිගේ හිත පැටලෙනවා
මට කදුළු දිදී නුඹේ සුවදට තව ලං වෙනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
මට කදුළු දිදී නුඹේ සුවදට තව ලං වෙනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා
සදුන් සුවද තවරාගෙන ඔය වත කමලේ
ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ
අපි අනන්තය ට යන්න නොවේ පාරමී පිරුවේ
නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ
ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ
අපි අනන්තය ට යන්න නොවේ පාරමී පිරුවේ
නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ
සුදු සදුන් මලක ......
රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමි
ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමි
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි
අද දුන් මලක සුවද මගේ තනි රකින්නෙමි
ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමි
ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි
අද දුන් මලක සුවද මගේ තනි රකින්නෙමි
සුදු සදුන් මලක ......