මේ අහසට සඳ එනවා අපේ ගමට සේම
අහස උසට තැනු මැදුරු සඳ වටකර බොහොම
සිත් අහසට නුඹ එනවා ඒ සඳවත සේම
මූදූ හතින් ඈත වුණත් සිතින් ළඟයි තාම......
අහස උසට තැනු මැදුරු සඳ වටකර බොහොම
සිත් අහසට නුඹ එනවා ඒ සඳවත සේම
මූදූ හතින් ඈත වුණත් සිතින් ළඟයි තාම......
ඉසුරු නොමැති වසන්තයට ඉසුරු අරන් එන්න
නුඹ තනිකර මං ආවා දුරු රටකට මෙහෙම
අපි ඈතියි ඒ වුණාට ඈත් වෙන්නේ කොහොම
සිතුවිල්ලෙන් ළඟ පාටයි ඉස්සර වාගේම......
නුඹ තනිකර මං ආවා දුරු රටකට මෙහෙම
අපි ඈතියි ඒ වුණාට ඈත් වෙන්නේ කොහොම
සිතුවිල්ලෙන් ළඟ පාටයි ඉස්සර වාගේම......
මේ අහසට සඳ එනවා......
ඉර අවරට හැරෙනා විට රෑ වැඩ මුර එන්නේ
නිදි නැති රෑ සිහිනෙන්වත් කොහොමද ළං වෙන්නේ
කඳුළු නෙතට නුහුරුයි ඒ නිසා නෑ හඬන්නේ
සොඳුර අපේ ජීවිතයට කවදාද සඳ එන්නේ......
නිදි නැති රෑ සිහිනෙන්වත් කොහොමද ළං වෙන්නේ
කඳුළු නෙතට නුහුරුයි ඒ නිසා නෑ හඬන්නේ
සොඳුර අපේ ජීවිතයට කවදාද සඳ එන්නේ......
මේ අහසට සඳ එනවා......