Indika Prasad - Ma Mese Pem Kale Eka Hithak Nethi

මා මෙසේ පෙම් කලේ එක හිතක් නැති නුඹට දෝ
ඔය තරම් දුර ගියේ මට තවත් රිදවන්න දෝ
හිනැහෙන්න මට නොහැකි දෝ
පලිගන්න තව හැකිව දෝ
සනසන්න යලි ඒවි දෝ සදහටම ඔබ ඒවි දෝ

කතා කරත් දුරකථනේ පැය ගනන් ආදරෙන්
ඔබේ වෙනසක් දැනුනේම නෑ මොනම විදිහකින්
පළිගන්නෙ නෑ මම ඔබෙන්
ඔබේ ලෙසට මතුවත් ඉතින්
හැර යන්න ඔබ දුර ගියත් උතුරන්න පෙම ඇත තවත්

ඔයා නැතත් මේ දිවියේ පෙර වාගෙ හිත ආයේ
තව කෙනෙක් පැතුවේම නෑ ඔහොම සත්තකින්
පළිගන්නෙ නෑ මම ඔබෙන්
ඔබේ ලෙසට මතුවත් ඉතින්
හැර යන්න ඔබ දුර ගියත් උතුරන්න පෙම ඇත තවත්