නුඹ මට හරස්වෙලා හිතට රහසක් වෙලා
නුඹට ඕනෑ වෙලා ගියත් අපි වෙන්වෙලා
ආයේ ඇවිදින් සොයා කීවත් නිදොස් වෙලා
හිතන වාද මගෙ ආදරේ යලිත් හිමිවෙයි කියා
නුඹයි හැර ගියේ මා නෙවෙයි මා නෙවෙයි
මටත් වේඳනා නෑ නෙවෙයි නෑ නෙවෙයි නෑ
හේතු ඕනේ නෑ මං අහන් නෑ කාරනා
ආදරේ කියා නුඹ දුන් තරම් වේඳනා
නිවාපු හිත යලිත් නුඹ අවුලු වන්නට එපා
ඒ ආදරේ ඇති ජීවිතේ පැරුවා
එදා නුඹේ අගේ මැකීලා මගෙ හදේ
එදා උන්නාමත් නුඹත් අද නැතේ
නුඹයි හැර ගියේ මා නෙවෙයි මා නෙවෙයි
මටත් වේඳනා නෑ නෙවෙයි නෑ නෙවෙයි නෑ
තීරණය නුඹේ තෙරුමක් නෑ අද හඬා
නොකීව දේ වැඩි නුඹ මට කීවට වඩා
ආදරේ නොවේ මා දුන් ජීවිතේ එදා
තියේද තව දුකක් මේ අහිමි වීමට වඩා
නුඹේ හා මගේ අතීතේ නැහැ හිතේ
එදා උන්නාමත් නුඹත් අද නැතේ
නුඹ මට හරස් වෙලා හිතට රහසක් වෙලා ......