Mohideen Baig - Minisamai Lowa Deviyan Wanne


මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ....//
ඇසින් දුටු දේ බොරු වී නොයයිදෝ
දෙකනින් ඇසු දේ නොවී ..//
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ....
එක කුස ඉපදිලා වෛරෙන් මත් වෙලා
තම සොහොයුරා මරයි වසවිස දීලා ....//
සැකය නිසා මේ - සැකය නිසා මේ
දුරුවේ සාමේ ලොව ගිනි දැල්වේ
මනු ලොව අපායක් මැවෙයි ....
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ....//
තණ්හා පොදී ගසා තව කෙනෙකුන් නසා
මොනවද අවසානෙදි අරගෙන යන්නේ ....//
ධර්ම රකින්නා - ධර්ම රකින්නා
ධර්මෙන් රැක දී - එය නොම දන්නා
සසරෙහි මැරී මැරී තැවේ ....
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ ......