වෙන් වෙන්න නම් හදන්නෙ නෑ ඉන්න කියන්නෙ
වරදක් උනාද යන්නෙ දැන ගන්නයි අහන්නෙ
මගෙ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තව කෙනෙක් හට ලං උනානම් මට එපා ඔයා //
හීන පොදි බැද ජීවිතේ දුර මැව්වේ පෙරදා
ඈත බැදගෙන ආදරෙන් ලං වෙමු කියා
මට කී දේවල් මතක නැතිදෝ දැන් වෙනස් වෙලා
හිත කෙනෙක් ලඟ නැවතුනා නම් මට එපා ඔයා//
මගෙ දුප්පත්කමවත් නිසාදෝ දැන් වෙනස් වෙලා
තව කෙනෙක් හට ලං උනානම් මට එපා ඔයා
මාගෙ හොද හිත තේරිලා විදවන්න වෙයි මතුදා
ශාප කර කර ආයේ මං හඬන්නෙ නෑ කිසි දා
දුක් වෙලා යලි ලං වෙලා වැඳ වැටුනත් මතුදා
ඔය වෙනස් වෙන හිත එපා මට යන්න මා හැරදා //
වෙන් වෙන්න නම් හදන්නෙ නෑ ......