All Right Rish - Hitha Ida Nodunnath Yannata Nuben

හිත ඉඩ නොදුන්නත් යන්නට නුඹෙන
නොසිතූ ලෙසේ ලියවේ ජීවිතේ
උණුසුම් මගේ හද හීතල කරන්
යා යුතු නිසා යමි අවසන් ගමන්
අවසර සඳේ මට යන්නට නුඹෙන්
මගෙ සුවඳ ඔය උණුහුමේ මගෙ මතක ඔය මතකයේ
ගුලි කර තියන් ඉදහිට බලන්
නොපෙනෙන හදේ කොනක මිහිදන් කරන්

බොහෝ උදයන් සැදෑ කාලේ මා නුඹේ උකුලට බලා
සෙනෙහෙ නෙතු පටලලා වරු ගනන් ඔබ හා
මගෙ දෑස් පියවුනේ ඒ තුරුලෙ නම් ඔබේ
නෑ අද මේ තරම් හිත් වේදනා
මේ හිතට සැනසුම කොහෙවත් නොවේ
මගෙ සුවඳ ඔය උණුහුමේ මගෙ මතක ඔය මතකයේ
ගුලි කර තියන් ඉදහිට බලන්
නොපෙනෙන හදේ කොනක මිහිදන් කරන්

රත්තරං දෙනෙතින් නොවේවා රත්තරං කදුළු
සසර මග හමුවේවා මා නුඹ මෙයින් මතු
නුඹෙයි මගෙයි කතන්දරේ නොවුනානම් ලෙන්ගතු
නෑ අද මේ තරම් හිත් වේදනා
මේ හිතට සැනසුම කොහෙවත් නොවේ

හිත ඉඩ නොදුන්නත් යන්නට නුඹෙන ......