Nalin Hettiarachchi - Natabun Wela Kadan Wetunu Ape ( Anthima Mohothedi )

නටබුන් වෙලා කඩන් වැටුනු අපේ ආදරේ පිලි රූ
නැවතත් ගොඩනැගෙයිද කියලා
අපි කාලයට භාර කරමු
මේ භවයේදී .... එකට ඇතැඟිලි බැඳී
ඔබේ වෙන්න පින් මදි උනොත් මට යලී ....
අන්තිම මොහොතෙදී .... මගෙ ඇස්වලට පෙනී ....
ඔබ හිටියොතින් රැදී .... මට ඒ හොදටෝම ඇතී .... //

දෙනෝදහක් හිටියත් ලෝකේ ඔබේ දෑත පමනයි ඕනේ
සැපේ නොවේ දුකෙදි මාගේ අසලින් සිටි නිසා
ගෙවී ගියත් දින සති ගානේ හදාගන්න බෑ හිත මාගේ
ගෙවුකාලේ සත්තයි මට හීනයක් වාගේ ඔබ හා ....
මේ භවයේදී .... එකට ඇතැඟිලි බැඳී
ඔබේ වෙන්න පින් මදි උනොත් මට යලී ....
අන්තිම මොහොතෙදී .... මගෙ ඇස්වලට පෙනී ....
ඔබ හිටියොතින් රැදී .... මට ඒ හොදටෝම ඇතී .... //

පිටාරයන ගඟුලක් වාගේ දෝරෙගලන ආදරේ මාගේ
වෙනස් නොවී තාමත් පෙරවාගේ ලඟින් තියනවා
කොහේ කොතැන හිටියත් පොලොවේ
යලිත් වතාවක් මට ඔබගේ සෙනෙහෙ ලැබුනොතින්
මම සිල් පද පහම රැකගන්නවා
මේ භවයේදී .... එකට ඇතැඟිලි බැඳී
ඔබේ වෙන්න පින් මදි උනොත් මට යලී ....
අන්තිම මොහොතෙදී .... මගෙ ඇස්වලට පෙනී ....
ඔබ හිටියොතින් රැදී .... මට ඒ හොදටෝම ඇතී .... //

නටබුන් වෙලා කඩන් වැටුනු අපේ ආදරේ ......