වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා ..
තාමත් ඔයාගේ සතුටයි මං පතන්නේ
තරහක් නෑ හිතේ සදා ..
මා විදිනා මේ දුක ඔබගේ සතුට වේවා
මා මියයනතුරු මතුදා ..
වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා ..
මේ හිතට ආයේ කවුරුත් නෑනෙ ඕනේ
මගෙ පණ ඔබමයි හැමදා ..
මේ කඳුලු අතරේ ඔබගේ රුවම ඇඳුනේ
තවමත් ආදරේ හින්දා ..
මට අයිති නැති ඔයාගේ සෙනෙහසේ සුවඳ දැනුනේ
මතකය මා ලඟ නිසා ..
වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා ..
මේ නෙතු මුලාවී හඬ්නා තරම දන්නේ
මගේ හිත විතරයි හැමදා ..
මා දුන්නු සෙනෙහේ නැතිදෝ අගය දැනුනේ
මගෙ දුප්පත්කම් හින්දා ..
මට නෑ මැණික් ඔයාගේ ගෙල පලඳවන්න සිත්සේ
මා දුප්පත් උනු නිසා ..
වවාවන්න බෑනේ කඳුලුයි තනිය මැකුවේ
සමුගත් දා පටන් ඔයා ..