Milton Mallawarachchci - Madu Mala Lesa

මදු මල ලෙස මුදු

මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි

ඔබ සිහි කර කර

ඔබට ලියන එක

මට ඇති එක සතුටයි


අපමන සිතුවිලි බිහිවී තෙරපී

එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන මොනව ලියන්නද

නැත මට වැටහෙන්නේ

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ

කීමට ඇති සැම දේ

පරවි රැජිනියේ එදා වගෙ අදත්

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි


මදු මල ලෙස මුදු //


හිත ගොලුවෙනවා අත වෙව්ලනවා

හදවත ගැස්සෙනවා

ලිපියෙහි කොලයට මුහුන යොමන විට

නෙත් දෙක පියවෙනවා

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ

කීමට ඇති සැම දේ

පරවි රැජිනියේ එදා වගෙ අදත්

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

T.M Jayarathna - Sensum Susuman Pavila

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

රෑ සද පානේ සීතල පවනේ
නා මල් අරණේ ළා දළු සෙවනේ
මා ලය කර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතකද මිහිරේ
ගෙවූ අතීතය මතකද මිහිරේ

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත් අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එන තුරු මා තනිවීලා
ඈ එන තුරු මා තනිවීලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

Nimanthi Jamodini - Kelabi Hamana Sulage Ho Welila

කැළඹී හමනා සුළගේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිවා රෑ පතනා සුවඳක් වී බැඳෙනා
මසිතේ රූ තවරා විඳමී මා සිතිනා

තේරුණිදෝ සැලෙනා සිතුවිළි හෝ
සිහිනේ වෙලිලා ලංවීලා ඒවී දෝ //
දැනෙනා සිත රිදෙනා
මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමි රූ මා

ලංවුණිදෝ දැනෙනා තනිකම හෝ
ආදරේ දැනිලා ලංවිලා ඒවි දෝ //
සැමදා රුව මැවෙනා
රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මා

කැළඹී හමනා සුළගේ හෝ වෙලිලා ......

Athma Liyanage ft Thilina - Sansara Adare Nuba Innawa

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා

මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා

ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
කඳුළයි දුකයි තනියට හිතවත් කළා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුණා

Manika Ahenawada Me - Ishara Sewwandi ft Sade Shan

මින් මතු මගේ පපුවේ
හුස්මක් හුස්මක් ගානේ
ඔබ විතරයි ඉන්නේ
දන්නවනම් රත්තරනේ //

මගේ පපුවේ රස්නේ දැනී //
ආවෝතින් ඇති ආයේ
මැරුණත් ඔබේ තුරුලේ
මට ඇති සංසාරේ
ඔයා මගේ කියලා
දැනුණා මට මැණිකේ

හිනාව ඔය මුහුණේ
හිත හිරි වට්ටයි රහසේ
එන්නද ලඟට ඔබේ
නැවතී ඉන්නට පහසේපහසේ //

මගේ පපුවේ රස්නේ දැනී ......

මැණික ඇහෙනවද මේ
අහගෙන ඉන්නවද මගේ
හිත ඇතුලේ තියෙන සෙනේසෙනේ
ඇත්තම ඇත්තයි පණසේ //

මගේ පපුවේ රස්නේ දැනී ......

W.D Pandit Amaradeva - Me Guru Pare Me Dola Aine Ape Rahas Etha Segavila

මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
පටු මාවත්වල දුවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත්වල දුවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොලමත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ
ඉරට හදට ඇළ දොලට කතා බැහැ
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා

Keerthi Pasquel & Dhammika Walpola - Kavikariye Sindu Kiyana Lade Nubado Rehe Kokila

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා//

දෙකනේ රිදී තෝඩු ලා
නලලේ කොකුම් පටලා
වීණා වයා තාලෙටා
ගැයූ ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නෙ රුපියල් සොයා

කවිකාරියේ සිංදු කියනා ලදේ ......

සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඩුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනි මන්දා අනේ
සිත මාගේ චන්චල් වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ ......

Mihindu Ariyaratne - Yana Thenaka Inna Semada Sathutin Oya

යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා

ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
(දින ගනිනා)
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

ළඟින් ඔබ තියන්
මගේ පණ කියන්
එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක්
ඔබට ඇති බවක්
නැහැනේ හිතට දැනුනේ

යලිත් ඔබව හිමිනැතිනම්
මගේ සෙනෙහෙ අඩුනම්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

කියන් මගේ හිතින්
තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ
අලුත් සෙනෙහසින්
දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙරසේ

පෙරුම් පිරුවෙ ඔබ හා මං
කූඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යලි එන්නෙ නෑ

Nanda Malani - Ammawarune.... Ammawarune.... Samma Sambudu Ammawarune

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...

අම්මාවරුනේ... අම්මාවරුනේ...

Harshana Disanayaka - Meka Soduru Lokayak Sathutu Pirunu Sadayak

මේක සොඳුරු ලෝකයක්
සතුටු සිනහ පිරුණු සාදයක් //
මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක්
රැගෙන යන්න ඉන් බිඳක්

ඇසට කඳුළු එපා සොඳුරු දසුන් බොඳවී යාවී
ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිටවී යාවී
මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
අපි නටමු ගයමු වයමු හිනාවී

මේක සොඳුරු ලෝකයක් .......

සුර ලොකෙන් ඇදී සුර සැප අස නිබද හමාවී
පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවී
මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
අපි නටමු ගයමු වයමු හිනාවී

මේක සොඳුරු ලෝකයක් .......