Niranjala Sarojini - Kohoma Athrara Dama Yamuda

කොහොම අතැර දමා යමුද

මේ හිතවත්කම්

පෙර සසරෙන් ආ දේවල්

ආලවන්තකම්...


ඉර කියන්නෙ අත්හරින්න.

අපේ සබඳකම්...

සඳ කිව්වෙත් එපා කියා

මේ හිතවත්කම්...

මොනවාදෝ මේ හැටි අපි

කළ නොපනත්කම්...

ඉර හඳ තරු දන්නවාද

අපෙ යහපත්කම්....


කොහොම අතැර දමා යමුද...


ඇළ දොළත් ගලා යන්නෙ.

කරමින් සරදම්...

ගසුත් වැලුත් බලා ඉන්නෙ.

දෙවමින් අවමන්...

මුළු ලෝකෙම ඇයි කරන්නෙ.

මෙහෙම නපුරුකම්...

ඇළ දොළ ගහ කොළ දන්නෙද.

අපි මනුස්සකම්....


කොහොම අතැර දමා යමුද...

Suneera Sumanga - Dineka Apitath Veradila Ethi

දිනෙක අපිටත් වැරදිලා ඇති 

ඉතින් යළි හමු වෙන්නෙ නෑ

නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය

මාව මතක ද දන්නෙ නෑ!


තනි වීම වුව ප්‍රේමය ම බව 

යළි යළිත් මේ අදත් පවසමි

මතක අමතක කරන්නට බැරි

බැවින් නිහඬ ව බිම බලා ගමි!!


අතීතේ මතකය දරාගෙන

නුඹව සිහි කර යළි හිනා වෙමි

තවත් රිදවිලි මොටද, එබැවින්

මෙහෙම මෙතැන ම මග නතර වෙමි෴

Amarasiri Peris - Me Irai Hadi Thani Ahasata Payana Dawasaka

ඉරයි හඳයි තනි අහසක පායන දවසක එක මොහොතක් මගේ වෙලා උයනක වෙරළක එදා වගේ හමුවන්නට සුන්දර සවසක හීන මවනවද හිර වී හිමි නැති පපුවක....

රුදු වදන් කටු ඇනී හීරුණු සමනල තටු වල මුදු බැලුම් පවන් රැල් අතුරා නිවාලන්න දුක...//සුර ගඟක් ගලා ගිය නිම්නෙක නොතෙමා යටි හිතපිනි බිඳක් වෙලා පිපුණත් ඇති ආදර පවසට...

අකුරු වලට පෙරළෙන්නැති දරදඬු සුසුමට මිතුරු ඇස් වලින් සඟවන උණුසුම් කඳුළට ඔහෙ ගලා යන්න ඉඩ දී හිත ඉල්ලන තාලෙට ආදරේ හොයමු අපි ඉස්සර හංගපු තැන් වල...

මේ ඉරයි හඳයි තනි අහසක පායන දවසක ....

Yasith Kolabaarchchi - Sarasaviya (Naa Kapana Anora Wassaka)

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ...

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා...

අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා එනවද... හා හමුවන්නට ......

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...

පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද...

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා...

Sanjeew Lonliyes - Pihithuden Adare Liwve

 මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ...
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ.....
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ.....
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ......
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....

දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ...
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල
පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....
පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....පිහිතුඩෙන්....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ.....
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ..... පිහිතුඩෙන්...

Denuwan Kaushaka - Mathaka Nethi Unu Mage Premaya

මතක නැති වුනු මගේ ප්‍රේමය
ඔයා තාමත් දන්නේ නෑලු
හිත හදාගෙන වචන ගළපන
මං ඔයාගේ පරණ ප්‍රේමෙලු

මං ආසයි මගේ ලස්සන
රෝස මලට හාදු දෙන්නට
නුඹ ආසද මගේ ලඟටම
ඇවිල්ලා ආදරෙයි කියන්නට

අපි ආගිය තැන් මතකද
ඔයයි මමයි පෙම් කල දවසක
තුරුලේ හිදපු පොරොන්දු වුනු
ඒ ලස්සන කතාව මතකද

මතක නැති වුනු මගේ ප්‍රේමය ......

Upali Kannangara - Kara Kara Badinnata Kale Hoda

කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

නෑදෑයො බලන්නට ජෝඩු වෙලා
අපි බක්කි කරත්තේන් යන්
ඕන් රත්නපුරේන් මගෙ මැණිකේට ඕන
හැම දේම ගෙනාත් දෙන්නම්
පණ තියෙන තුරාවට හැම සැප දෙන්නේමි
සත්තයී දිව්රමි මං
අනෙ සත්තයී දිව්රමි මං

කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

මුතුමාල පොටක් ඔය ගෙල පලදන්නට
හීන බැලුවේ මං
මනමාලි කරන් උඹ කැන්දාන් යන්නට
පෙරුම් පිරුවේ මං
පුර පෝයට ඉස්සර කූඩු වෙන්න අපි
නැකතක් බලමුද දැන්
අපි නැකතක් බලමුද දැන්

කරකාර බදින්නට කාලෙ හොදා 
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්
කරකාර බදින්නට කාලෙ හොදා
බහ දුන්නෝතින් ආල හිතින්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

මනලෝල රුවැත්තියෙ කෝල නොවී
මගෙ මූණ බලාන කියන්
මගෙ පුංචි පැලේ සිරි දේවි වෙලා
නුඹ කැමතීද ඉන්න කියන්

Saman Lenin - Nomile Dun Nisa Mage Nimala Adare

නොමිලේ දුන් නිසා මගේ නිමල ආදරේ
කවුරුවත්ම ගත්තේ නෑ ඔහෙ තිබුණා පාඩුවේ
ඒ හින්දා වැඩුනා එය මහමෙරක් වගේ
දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ

දැන් අත උඩ විකිණිය හැකි මහ ඉඩම වගේ

සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
සිදාදිියෙන් ගමට දුවන මහ සෙනගට මම කියන්නෙ
කුරහන් මිල බෝමැයි

මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ
මයෙ පපුවට එබෙන කරන ඇත්තිට මං දැං කියන්නෙ

පැජරොයියගෙ ගානයි
පැජරොයියගෙ ගානයි

ඔන්න ඉතිං අඬන්න ගත්තා

අපිට තමයි බඩු විකුණන්නට බැරි
අපිට තමයි බඩු විකුණන්නට බැරි
ඔන්න ඔහේ දීල දානවා මං
මා ගේ අමිල ආදරේ ....
මා ගේ අමිල ආදරේ ....
මගේ..... අමිල ආදරේ ....

W.D Amaradewa & Umariya - Bala Welapemi Nela ganu Beri Hanthana Sihine

බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය ළසෝ රඟහල
අමාවක අඳුරේ
නොයෙනු මැන ළඳුනේ

බලා වැලපෙමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

වඩින තුරු සඳ දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සඳ දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ

හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්-ම්ම්
හ්ම්-හ්ම්-හ්ම්-හ්ම්-ම්ම්
හන්තාන සිහිනේ
හ්ම්-හ්ම්-හ්ම්-ම්-ම්

Thisara Weerasinghe - Ansathu Oba Wetha

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

ලොවටම රහසේ සිහිනෙක දැවටී
ඔබ ළඟ සැතපී මම සුව විඳිමී
වරදක් නොකරම වරදෙහි බැඳුනී
සිත සනසාගෙන දුර හිද විඳිමී

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා
ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා
සම්මතයෙන් පිට ප්‍රේමෙක වෙලිලා
මග හැර යන්නට බැරි ලෙස බැඳිලා

සෙනෙහස උතුරන වදනට සිත් වී
ඔය නෙතු අද්දර නවතිනු රිසිවී
දැන දැන හිමි නොවනා බව නොදැනී
මම තව තව ඔබ වෙත පෙම් කරමී

Milton Mallawarachchci - Madu Mala Lesa

මදු මල ලෙස මුදු

මගේ ප්රියාදර මිහිරාවිය වෙතටයි

ඔබ සිහි කර කර

ඔබට ලියන එක

මට ඇති එක සතුටයි


අපමන සිතුවිලි බිහිවී තෙරපී

එකිනෙක පැටලෙන්නේ

කොහොම පටන්ගෙන මොනව ලියන්නද

නැත මට වැටහෙන්නේ

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ

කීමට ඇති සැම දේ

පරවි රැජිනියේ එදා වගෙ අදත්

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි


මදු මල ලෙස මුදු //


හිත ගොලුවෙනවා අත වෙව්ලනවා

හදවත ගැස්සෙනවා

ලිපියෙහි කොලයට මුහුන යොමන විට

නෙත් දෙක පියවෙනවා

කෙටියෙන් පවසමි මගෙ ආදරියේ

කීමට ඇති සැම දේ

පරවි රැජිනියේ එදා වගෙ අදත්

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

ඔබට තවම මම ආදරෙයි

T.M Jayarathna - Sensum Susuman Pavila

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

රෑ සද පානේ සීතල පවනේ
නා මල් අරණේ ළා දළු සෙවනේ
මා ලය කර ඔබගේ සුව යහනේ
ගෙවූ අතීතය මතකද මිහිරේ
ගෙවූ අතීතය මතකද මිහිරේ

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා
සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
දෑසට පෙනෙනා එකම රුවක් වෙයි
ඒ රුව මා නෙත් අංජනයයි
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එන තුරු මා තනිවීලා
ඈ එන තුරු මා තනිවීලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා
තරු මල් අතරින් රිංගාලා
කොහි යන්නෙද මා තනි කරලා

සැනසුම් සුසුමන් පාවීලා
සඳ කැන් වතුරෙන් නෑවීලා

Nimanthi Jamodini - Kelabi Hamana Sulage Ho Welila

කැළඹී හමනා සුළගේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිවා රෑ පතනා සුවඳක් වී බැඳෙනා
මසිතේ රූ තවරා විඳමී මා සිතිනා

තේරුණිදෝ සැලෙනා සිතුවිළි හෝ
සිහිනේ වෙලිලා ලංවීලා ඒවී දෝ //
දැනෙනා සිත රිදෙනා
මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමි රූ මා

ලංවුණිදෝ දැනෙනා තනිකම හෝ
ආදරේ දැනිලා ලංවිලා ඒවි දෝ //
සැමදා රුව මැවෙනා
රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මා

කැළඹී හමනා සුළගේ හෝ වෙලිලා ......

Athma Liyanage ft Thilina - Sansara Adare Nuba Innawa

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා

මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා

සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා

ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
කඳුළයි දුකයි තනියට හිතවත් කළා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුණා

Manika Ahenawada Me - Ishara Sewwandi ft Sade Shan

මින් මතු මගේ පපුවේ
හුස්මක් හුස්මක් ගානේ
ඔබ විතරයි ඉන්නේ
දන්නවනම් රත්තරනේ //

මගේ පපුවේ රස්නේ දැනී //
ආවෝතින් ඇති ආයේ
මැරුණත් ඔබේ තුරුලේ
මට ඇති සංසාරේ
ඔයා මගේ කියලා
දැනුණා මට මැණිකේ

හිනාව ඔය මුහුණේ
හිත හිරි වට්ටයි රහසේ
එන්නද ලඟට ඔබේ
නැවතී ඉන්නට පහසේපහසේ //

මගේ පපුවේ රස්නේ දැනී ......

මැණික ඇහෙනවද මේ
අහගෙන ඉන්නවද මගේ
හිත ඇතුලේ තියෙන සෙනේසෙනේ
ඇත්තම ඇත්තයි පණසේ //

මගේ පපුවේ රස්නේ දැනී ......

W.D Pandit Amaradeva - Me Guru Pare Me Dola Aine Ape Rahas Etha Segavila

මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
පටු මාවත්වල දුවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත්වල දුවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොලමත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ
ඉරට හදට ඇළ දොලට කතා බැහැ
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා

Keerthi Pasquel & Dhammika Walpola - Kavikariye Sindu Kiyana Lade Nubado Rehe Kokila

කවිකාරියේ සිංදු කියනා ලදේ
නුබදෝ රැහේ කෝකිලා
මගේ පාඩුවේ යන්ට යනවා ඔහේ
අනේ ස්වාමි සැන්දෑ වෙලා//

දෙකනේ රිදී තෝඩු ලා
නලලේ කොකුම් පටලා
වීණා වයා තාලෙටා
ගැයූ ගී අසා ආවේ මා
වීණා වයා කවි ගී ගයා
අපි යන්නෙ රුපියල් සොයා

කවිකාරියේ සිංදු කියනා ලදේ ......

සිගමන් නොයා මාවතේ
මහදේ රැදෙන රූපිකා
සසරේ ගෙනා ආදරේ
පඩුරයි ඔබේ දෝතටා
දෙවි සාමිනි මන්දා අනේ
සිත මාගේ චන්චල් වෙලා

කවිකාරියේ සිංදු කියනා ලදේ ......

Mihindu Ariyaratne - Yana Thenaka Inna Semada Sathutin Oya

යන තැනක ඉන්න සෑමදා
සතුටින් ඔයා
මතු දිනෙක මා වගේ ඔබත්
රැවටෙන්නෙපා

ඔබෙන් ලද ආදරය මං
හිතේ සඟවාන හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
(දින ගනිනා)
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

ළඟින් ඔබ තියන්
මගේ පණ කියන්
එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක්
ඔබට ඇති බවක්
නැහැනේ හිතට දැනුනේ

යලිත් ඔබව හිමිනැතිනම්
මගේ සෙනෙහෙ අඩුනම්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යළි එන්නෙ නෑ තරහා

කියන් මගේ හිතින්
තවත් කෙනෙකුගෙන්
පෙමක් පතා රහසේ
අලුත් සෙනෙහසින්
දුකක් ලැබුනොතින්
මවෙත එන්න පෙරසේ

පෙරුම් පිරුවෙ ඔබ හා මං
කූඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා
සසරෙ මතුදා
එක්වෙන්න දින ගනිනා
මගෙ හිත සොයා
දවසක ඔයා
යලි එන්නෙ නෑ

Nanda Malani - Ammawarune.... Ammawarune.... Samma Sambudu Ammawarune

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...

අම්මාවරු නැති දරුවන්නේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
යම් මතු දිනයක බුදු වන්නේ
සංසාරේ මතු බුදු වන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...

සෙනෙහස වැඩි දා
සිතද බොළද වේ
ලොවම ආදරේ කියා සිතී
මායාවක්වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ

අම්මාවරුනේ... අම්මාවරුනේ...
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කඳුළු දකින දා
සුර ලොව සිට අත පා
ඒ කඳුළැලි පිසිනා...

අම්මාවරුනේ... අම්මාවරුනේ...

Harshana Disanayaka - Meka Soduru Lokayak Sathutu Pirunu Sadayak

මේක සොඳුරු ලෝකයක්
සතුටු සිනහ පිරුණු සාදයක් //
මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක්
රැගෙන යන්න ඉන් බිඳක්

ඇසට කඳුළු එපා සොඳුරු දසුන් බොඳවී යාවී
ලයට සුසුම් එපා සෙනෙහෙ පැතුම් පිටවී යාවී
මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
අපි නටමු ගයමු වයමු හිනාවී

මේක සොඳුරු ලෝකයක් .......

සුර ලොකෙන් ඇදී සුර සැප අස නිබද හමාවී
පෙර පිනකින් අපේ මෙහෙම ලොවක උපත ලබාවී
මහතුනේ අපි නටමු ගයමු වයමු හිනාවී
අපි නටමු ගයමු වයමු හිනාවී

මේක සොඳුරු ලෝකයක් .......